FAST NEWS

24×7 Around the Globe

කිලිනොච්චියේ පලෙයි බස් වෑන් ගැටුමකින් 04ක් මරුට…

කිලිනොච්චියේ පලෙයි,ධර්මකර්නි ප්‍රදේශයේ 273 කණුව අසළ අද (15)අලුයම 5.45ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කිලිනොච්චි සිට යාපනය බලා ධාවනය වූ වෑන් රථයක් හා යාපනය සිට මතුගම දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර අනතුරෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇත.