FAST NEWS

24×7 Around the Globe

උමාඔය ව්‍යාපෘතියෙන් හානී වු ගොවීන්ට වන්දි ගෙවන්නැයි නියෝග..

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානී වූ ගොවීන්ට වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

උමාඔය ව්‍යාපෘතියට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්  මෙම නියෝගය නිකුත් කරන ලදී.

ඒ අනූව වගා හානි වූ ගොවීන් විසින් එම හානියට අදාළව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට  අයදුම්පත් යොමු කළ යුතු බවත්, එම අයදුම්පත් සලකා ගෙවිය යුතු වන්දි මුදල තීරණය කළ යුතු බවටත් වැඩි දුරටත් නියෝග කර ඇත.