FAST NEWS

24×7 Around the Globe

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළට….

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(14)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

දිවයිනේ රෝහල්වල සායනික අංශයන්හි විශේෂ වෛද්‍ය තනතුරු 1164ක් පවතින බවත්, පවතින ක්‍රමවේදය තුළ මෙම පුරප්පාඩු පියවීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් මෙලෙස විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණු බව සේනාරත්න මහතා සඳහන් කළේය.