FAST NEWS

24×7 Around the Globe

වික්ටෝරියා ජලාශයේ මහජන නැරඹුම් මැදිරිය තාවකාලිකව වසා දැමේ…

වික්ටෝරියා ජලාශයේ මහජන නැරඹුම් මැදිරිය තාවකාලිකව වසා දැමීමට තීරණය කොට ඇති බව වික්ටෝරියා ජලාශයේ ඉංජිනේරු කාර්යාලය අප වෙත පැවසීය.

 පසුගිය 12දා සිට මාස 04ක පමණ කාලයක් සඳහා මෙලෙස මහජන නැරඹුම් මැදිරිය වසා දමා ඇත.

 එම නැරඹුම් මැදිරියේ සිදු කරන නනඩත්තු කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශය නැරඹීමට පැමිණෙන ජනතාවට සිදුවන අපහසුතාවයන් මඟහැරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.