FAST NEWS

24×7 Around the Globe

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘගේ නඩුව අවසන්….

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘ සිය නිවසේ සේවිකාවකට ලිංගික අතවර කළැයි කියමින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (14) විභාගයට ගත් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා චූදිතයා මේ වන විට මියගොස් ඇති නිසා නඩු කටයුතු අවසන් කරන බව තීරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ඔහුට එරෙහි  චෝදනා මෙතෙක් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බැවින් ඔහු තවමත් නිර්දෝෂී තැනැත්තකු බව විනිසුරු පැවසීය.