FAST NEWS

24×7 Around the Globe

කොලොම්බියාවේ මෙඩෙලින් නගරය ආසන්නයේ භූ කම්පනයක්..

කොලොම්බියාවේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මෙඩෙල්ලින් නගරය ආසන්නයේ රික්ටර් පරිමාණ 5.9ක භූ කම්පනයක් සිදුව තිබේ.

වසර ගණනාවකට පසුව සිදුවූ මෙම දැවැන්ත භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවූවත්, එය බටහිර මුටාටා නගරයට ආසන්නව කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි කොලොම්බියාවේ අගනගරය වන බොගොටා නුවරටද භූ කම්පනය තදින් දැනී ඇත.

කොලොම්බියාව වෙත ප්‍රබල භූ කම්පනයක් මීට පෙර ඇති වී තිබුණේ 2015 මාර්තු මාසයේදීය. රික්ටර් පරිමාණ 6.6ක් ලෙස එය වාර්තා වුවත් ඉන් විශාල හානියක් සිදු නොවීය.