ශ්‍රීලනිපය අද එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බැවින් සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය රැක ගැනීමට තම කණ්ඩායමට සිදුව ඇති බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ “සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කිරීම නිමිත්තෙන්, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ඊයේ (13) පස්වරුවේ පැවැති උත්සවය අමතමීනි.
ඩාලි පාරේ බෝඩ් ලෑල්ලක් ඇති ගොඩනැඟිල්ලක තනතුරු ලබාගැනීමෙන් පසු අනිත් අය කපා හැර කටයුතු කරගෙන යද්දී බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති සහිත පක්ෂය රැක ගැනීමට කටයුතු කරන්නේ තමා විසින් බව හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
එසේම අලුත් ව්‍යවස්ථාවක් හදා රට කෑලි කිරීමට යන බවත්, රණවිරුවන් 29,000ක් ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත් රට බෙදීමට ඉඩදිය නොහැකි බවත්, තමන් බලයේ සිටියදී බැංකී මුන් ලංකාවට ඇවිත් නොකී කතා දැන් ඇවිත් කියන බවත්, ඒ මහතා මෙහිදී පැවසීය.
–








