FAST NEWS

24×7 Around the Globe

සම්මත වු වැට් සංශෝධන පනතේ විශේෂ වෙනස්කම් කිහිපයක්…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව එකතු කළ වටිනාකම් බදු (වැට්‌) සංශෝධන පනතට ඊයේ (13 දා) අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය හිමී විය.

මේ අනුව නව පනත අනුව ද වැට්‌ බදු ප්‍රමාණය සියයට 15 දක්‌වා වැඩි කිරීම එලෙසම තිබුණ ද තොග හා සිල්ලර වෙළෙදාම එම බද්දට හසුවන වෙළෙඳ පරිමාව වර්ෂයකට මිලියන 50 දක්‌වා වැඩි කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අධිකරණයෙන් ශූන්‍ය කළ පනතේ සඳහන් වූ තොග හා සිල්ලර වෙළෙදාමට යටත් වන වෙළෙඳ පරිමාව වසරකට මිලියන 12 ක්‌ විය.

මේ නිසා දිනකට රු. 33,000 ක වෙළඳාමක්‌ කරන සුළු වෙළෙන්දන් ද වැට්‌ බද්දට යටත්වීම නිසා මුළු රටේම වෙළෙඳ ප්‍රජාවගේ බලවත් විරෝධයක්‌ ඇති විය.

මේ නිසා රජය සුළු වෙළෙඳ ප්‍රජාව වැට්‌ බද්දට හසු නොවන පරිදි තොග හා සිල්ලර වෙළෙඳාම බද්දට යටත් වන වෙළෙඳ පරිමාව නව පනතින් මෙසේ වසරකට රු. මිලියන 50 දක්‌වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

මේ අනුව සුළු වෙළෙඳ ප්‍රජාවගෙන් රජයට එල්ල වූ විරෝධය සමනය වනු ඇතැයි ද රජය අපේක්‍ෂා කරයි.

එසේම නව පනතින් වෛද්‍ය රසායනාගාර ගාස්‌තු ද වැට්‌ බද්දෙන් නිදහස්‌ කිරිම ඇතුළු තවත් සංශෝධන කිහිපයක්‌ ද දැනගන්නට ඇත.

මේ අනුව නව වැට්‌ පනත අයවැයට (2017) පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැට්‌ බදු වැඩි කිරීම ලබන අයවැයටම ඇතුළත් කෙරෙන බවට ප්‍රචාරය වූ තොරතුරු වැරදි බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.