FAST NEWS

24×7 Around the Globe

ජාතික සිරකරු දින කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කොඩිය ජනපතිට …….

සිරගතවන්නන්ගේ සුබ සාධනය අරමුණු කර ගනිමින් සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළැදවීම අද (13) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.

ජනාධිපතිතුමා වෙත කොඩිය පළදවනු ලැබුවේ ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ සභාපති පී.ඒ. කිරිවන්දෙණිය මහතා විසිනි.

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සදහා ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමය විසින් සෑම වසරකට මෙම කොඩි සතිය පවත්වනු ලබයි.

සිරකරුවන් උදෙසා සෞඛ්‍ය වෛද්‍ය සායන, ඇස් කන්නාඩි ලබා දීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුඑ වැඩසටහන් ද සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම ද මෙමගින් සිදුවේ.

මේ අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, එම සංගමයේ උප සභාපති විශ්‍රාමලත් බන්ධනාගාර කොමසාරිස් ලයනල් වීරසිංහ, සම්පත් දායිකාවක වන චූලා සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතු`එ විධායක සභිකයින් පිරිසක් එක්ව සිටියහ.