FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධන පනතට ඇමති මණ්ඩල අනුමැතිය හිමීවේ..

මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (13) අමාත්‍ය ඉදිරිපත් කළ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුමැතිය හිමි වී තිබේ.

වැට් බදු සංශෝධන මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොගැනීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන බව අර්ථ නිරුපණය කර සිටියේය.

එසේම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද විරෝධතාවන් ඉදිරිපත් කර තිබුණී.

කෙසේ වෙතත් නව කෙටුම්පත සකස් කිරීමට පෙර නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ මුදල් අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වී ඇති අතර ඉන් අනතුරුව නව කෙටුම්පත සකස් කර ඇත්තේ ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ද ඇතුළත් කරමීන් බවද පැවසේ.