FAST NEWS

24×7 Around the Globe

සති අන්තයේ කොටුව හා මහනුවර අතර විශේෂ දුම්රිය දෙකක්..

කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය සඳහා අතිරේක විශේෂ දුම්රිය දෙකක් මෙම සති අන්තයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පොහොය නිවාඩුව ලබන 16 වන සිකුරාදා දිනට යෙදෙන හේතුවෙන් සති අන්තයේ දුම්රිය භාවිත කරන මගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින් ඔවුන්ගේ ගමන් පහසුව සඳහා මෙම විශේෂ දුම්රිය සේවාව යොදවන බව එම දෙපාර්තමෙන්තුව පවසයි.

ඒ අනුව ලබන 15 වැනිදා පස්වරු 5.20ට කොළඹ කොටුවේ සිට මහනුවර බලා  ධාවනය සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇති අතර එම දුම්රිය රාත්‍රී 8.00ට මහනුවර ළඟා විමට නියමිත බව සඳහන්ය.

සිකුරාදා දිනයේ පෙරවරු 5. 50ට මහනුවර සිට කොළඹ කොටුව බලා පැමිණීමට ද අතිරේක විශේෂ දුම්රියක් යොදවා ඇති අතර එම දුම්රිය පෙරවරු 8.42ට කොළඹ කොටුවට ළඟා වීමට නියමීත බව පැවසේ..