FAST NEWS

24×7 Around the Globe

ඩේවිඩි කැමරන් සිය මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්වෙයි…

බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඩේවිඩ් කැමරන් සිය කොන්සවටිව් පක්ෂ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේම තමා තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටීම හේතුවෙන් අගමැතිනි තෙරේසා මේ යම් අපහසුතාවයකට පත්වේ නම් එය වැලැක්වීම සිය තීරණයේ අරමුණ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

එමෙන්ම තෙරේසා මේ බ්‍රිතාන්‍යයට ඇති සාර්ථක දේශපාලන නායකත්වයක් සපයනු ඇතැයි ද කැමරන් විශ්වාසය පල කර සිටියි.

සිය ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන, සමාජ සේවා කටයුතුවලට දායක වෙමින් නිශ්ශබ්ද දිවියක් ගතකිරීමට අපේක්ෂා කරන බව කැමරන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.