FAST NEWS

24×7 Around the Globe

සාම්පූර්හි ගල්අඟුරු බලාගාරයක් ඉදි නොකෙරේ…

සාම්පූර්හි ගල්අඟුරු බලාගාරයක් ඉදි නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා දැනුම් දී ඇතැයි, නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා මේ බව දැනුම් දුන්නේ සීමාසහිත පරිසර පදනම සාම්පූර් බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (13) විමසා බැලූ අවස්ථාවේදී ය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ තීරණය දැනුම්දීමෙන් පසුව මෙම පෙත්සම විභාගය අවසන් කෙරිණ.