FAST NEWS

24×7 Around the Globe

ලංගම බසයක් පෙරළී 11 කට තුවාල..

අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයේ කින්‍නියා ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (13) අලුයම 05.15ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර රියදුරාට නින්ද යාම ඊට හේතුව වී ඇති බව පොලීසිය සදහන් කරයි.

මේ වනවිට තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය රෝහලෙහි ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියදුරා ඒ අතර වෙයි.