FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ හිටපු ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙති…

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ විශේෂ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹදී පැවැත්වේ.

මේ සඳහා සහභාගිවන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට ඊයේ (12) දැනුම් දීමක් කර තිබේ.

ආණ්ඩුව මේ වනවිට ගෙනයන ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.