FAST NEWS

24×7 Around the Globe

වැටි කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ….

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාද ඇතුළත්ව අද (13) උදෑසන පැවැත්වෙන කැබිනට් හමුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය කැබිනට් හමුවට යොමු කරනු ඇත.

වැට් බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍යවරුන් වෙනම යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒ සම්බන්ධ එකඟතාවකට පැමිණෙන තුරු මෙම පනතට අනුමැතිය ලැබිම ප්‍රමාද විය.

පසුගියදා ශ්‍රීලනිප ඇමැතිවරුන් ඉදිරිපත් කළ යෝජනාවලට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග පැවැති සාකච්ඡාවකදී එකඟත්වය පළ වීම නිසා අදාළ සංශෝධිත පනත් කෙටුම්පතට අද (13) දිනයේ කැබිනට් අනුමැතිය හිමිවනු ඇතැයි එජනිස මහ ‍ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.