මීළඟ පළාත් පාලන මැතිවරණය කොට්‌ඨාස සහ සමානුපාතික මිශ්‍ර නව මැතිවරණ ක්‍රමයක් යටතේ ලබන වසරේ (2017) මාර්තු මාසය අවසන් වීමට පෙර අනිවාර්යෙන්ම පවත්වන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා ඊයේ (12 ) මාධ්‍ය හමුවේ පැවැසීය.
කොට්‌ඨාස ක්‍රමය යටතේ මහජන නියෝජිතයින් සියයට හැත්තෑවක්‌ද සමානුපාතික ක්‍රමය යටතේ මහජන නියෝජිතයින් සියයට 30 ක්‌ද තෝරා ගනු ඇතැයිද හෙතෙම පැවැසීය.
සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව ඔක්‌තෝබර් මස 31 වැනිදා ලැබීමට නියමිත බවත් ඉන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
එක්‌සත් ජාතික පක්‌ෂය බහු ආසන ක්‍රමයට විරෝධය දක්‌වද්දී සුළු ජාතික පක්‌ෂ එම ක්‍රමය අවශ්‍ය බව පවසන බව කී හෙතෙම මෙම ගැටලු සංශෝධන තුළින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයිද සඳහන් කළේය.
ප්‍රශ්න තිබෙනවා යෑයි කියමින් පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමිය නොහැකි බවත් සෑම පක්‌ෂයකටම හැකි උපරිමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමට තමන් කටයුතු කර ඇති බවත් මුස්‌තාපා මහතා කියා සිටියේය.
පසුගිය රජය මඟින් සිදු කෙරුණු සීමා නිර්ණයන්ගෙන් කොට්‌ඨාස දහයකට වැඩි ප්‍රමාණයක් නව සීමා නිර්ණය තුළින් වෙනස් වන බවද හෙතෙම අනාවරණය කළේය.
එම රජය සීමා නිර්ණයන් සිදු කළේ ශ්‍රී. ල. නි. පක්‌ෂයට හෝ රජයට අවශ්‍ය ලෙස නොව ප්‍රබල තනි පුද්ගලයකුගේ අවශ්‍යතාව මත පමණක් බවත් ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා චෝදනා කර සිටියේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.