FAST NEWS

24×7 Around the Globe

සෝමවංශගේ පක්ෂය මහින්දගේ නව පක්ෂයට එක්වෙයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් නිර්මාණය කෙරෙන නව පක්ෂය සමග ඉදිරිපළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි.

අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා නිර්මාණය කළ ජනතා සේවක පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවත්, මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට අලුතින් ඇරඹෙන පක්ෂය සමග එක්ව තරග කිරීමට තීරණය කළ බවත් එම පක්ෂයේ වර්තමාන නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.