FAST NEWS

24×7 Around the Globe

එකබද්ධ විපක්ෂය පක්ෂ හයක් සමග සාකච්ජා කෙරේ..

අලුත් පක්ෂයක් පිහිටුවුවහොත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය පසුගිය සතියේ පක්ෂ හයක් සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා පැවැති බව ඒකාබද්ධ විපක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයකු රිවිර කළ විමසීමේදී පැවසීය.

අදාළ පක්ෂ හයේ නායකයන් අලුත් පක්ෂයක් පිහිටුවන්නේ නම් ඒ සඳහා සහාය පළ කිරීමට සූදානම් බව ප්‍රකාශ කළ බවද හෙතෙම සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරීමට නියමිතය.