FAST NEWS

24×7 Around the Globe

හීලරී ක්ලින්ටන් හදිසියේ රෝහල්ගත කෙරේ…

ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නුවර පැවති උත්සවයකදී නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම නිසා රෝහල්ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇගේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ පසුගිය සතියේ ඇයට නිව්මෝනියා රෝගී තත්වයට ප්‍රතිකාර දුන්නත් හදිසියේ ඇතිවූ විජලනය  සමඟ රෝගය උත්සන්න වූ බවයි. දැන් ඇය යථා තත්වයට පත්වෙමින් සිටින බවද වාර්තා වේ.

මේ තත්ත්වය නිසා කැලිෆෝනියාවේ ඇය සහභාගි වීමට නියමිතව තිබූ රැස්වීම් කිහිපයක් අවලංගු කර ඇත.