FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා හජ් උළෙල සැමරේ ….

අදට (12) යෙදී ඇති හජ් උත්සවය ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් සේම මෙරට මුස්ලිම් භක්තිකයින්ද අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

ඒ අනුව මෙරට ප්‍රධාන හජ් යාච්ඥා මෙහෙය ගාලු මුවදොර පිටියේදී විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

වතුකරයේ ප්‍රධාන හජ් යාඥාව හැටන් ජුමිමා පල්ලියේ ප්‍රධාන පුජක මවුලවි මොහොමඩි සහජාන් මවිලවිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම හජ් යාඥවට වතුකරයේ මුස්ලිමි ජනතාව විශාල පිරිසක් සහභාගි වි සිටියේය.

නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව සහභාගී වූ කාත්තන්කුඩි ඉස්ලාමික් ආයතනය සංවිිධානය කළ අත්සව යාඥාව පැවැත්වුණේ කාත්තන්කුඩි වෙරළ තීරයේය.

මේ සඳහා මුස්ලිම් භක්තිකයින් 5000ක් සහභාගී වී තිබේ.

අස්සෙයික් ඒ.එස්.එම්.සිරාජ් පලාහි මවුලවිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම යාච්ඥා මෙහෙය පැවැත්වීය.

මේ අතර අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවද මහ ඉහළින් හජ් උත්සවය සමරන අතර ඔවුන්ගේ ප්‍රධාන හජ් යාඥාව අටිඨාලචෙින අශ්රප් අනුස්මරණ ක්‍රිඩාංගණයේදී පැවැත්විණ.

ඒ, අබිදූල් ජබාර් මවිලවිතුමාගේ ප්‍රධානත්වයෙනි.