FAST NEWS

24×7 Around the Globe

වත්මන් ආණ්ඩුව රට එකාධිපති පාලනයකට ගෙන යනවා..

වත්මන් ආණ්ඩුව රට ඒකාධිපති පාලනයක් කරා රැගෙන යමින් සිටින බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අසත්‍ය ප්‍රචාර පතුරවමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණි බවයි.

හෝමාගම පැවති ජනහමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට විකල්ප පක්ෂයක් පිහිටුවීම ජනතාවගේ අපේක්ෂාව බව එහිදී සභාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.