FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවට එරෙහි පෙත්සම ඔක්තොම්බර් 03 යළි කැඳවේ..

වත්මන් රජය ජාතික ආණ්ඩුවක් නොවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් විරසේකර මහතා ගොනුකර තිබූ පෙත්සමක් ඔක්තෝබර් මස 03 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීරණය කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් ලෙස සැලකෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත රජයක් බව පෙත්සම්කරු  සිය පෙත්සම මගින් පෙන්වා දෙයි.

එ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පමණක් එක්ව ස්ථාපිත කළ රජයක් ජාතික ආණ්ඩුවක් ලෙස පිළිගත නොහැකි බව පෙත්සම්කරු අවධාරණය කර තිබේ.