FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටිය ව්‍යපාරිකයා ඝාතනයට සැකපිට තවත් අයෙක් රිමාන්ඩ්..

බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් කප්පම් ඉල්ලා පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් කොළඹ මහේස්ත්‍රා අධිකරණ රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහු සමග දැනට 9 දෙනෙක් රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.

මෙම පැහැරගැනීම හා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර විදෙස් ගමන් බලපත් තහනම් කැරුණු ව්‍යාපාරිකයන් පස් දෙනකුගේ එම තහනම ඉවත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

ඔවුන් එම සිද්ධියට සම්බන්ධ නැතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීම ඊට හේතුවයි.