FAST NEWS

24×7 Around the Globe

දකුණු නැගෙනහිර මධ්‍යම පළාත්වල සුළං රළු වෙයි..

අද (09) දිනය උදෙසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනය පහතින්,

“දිවයිනේ දකුණු සහ නැගෙනහිර පළාත්වල සහ මධ්‍යම කඳුකර ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50 පමණ) තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

2016 සැප්තැම්බර් මස 09 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

හම්බන්‍‍‍තොට සිට පොතුවිල්  දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩිවීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. ‍මන්නාරම සිට පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටක පැ.කි.මී.50 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.”