FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා තුනක ජන්දය ගැන ජනපති ඉඟි කරයි…

ඉදිරි මාස කිහිපය තුළ දී පළාත් පාලන මැතිවරණයට අමතරව උතුරුමැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණ ද පවත්වන බව කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මේ සියලු මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය කරන පසුබිම සකස් කරන බවත් ඒ තුළින් රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය බවට ශ්‍රීලනිප ය පත් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි පැවසීය.

පසුගිය මැතිවරණ දෙකේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් වූයේ කුමක් නිසා ද යන්න සොයා බලා ඊට හේතු වූ අඩු පාඩුකම් සකසා මේ මැතිවරණයට මුහුණ දෙන බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.