FAST NEWS

24×7 Around the Globe

2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ….

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය තම නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක ලේඛිකාවන් අගය කරමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමෙන  රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2016” ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

 ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ පණ්ඩිත් සිරි තිලකසිරි මහතා, ආචාර්ය එස්. ජෙබනේෂන් රදගුරු හිමිපාණන් හා මහාචාර්ය මර්ලින් පීරිස් යන ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදිහු තිදෙනා ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සාහිත්‍යරත්න” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් හා කලාකරුවන්, සාහිත්‍යවේදින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.