FAST NEWS

24×7 Around the Globe

ගුවන් ගමන් සඳහා කිසිඳු බලපෑමක් නෑ…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමීති ක්‍රියාමාර්ගය හේතුවෙන් තවමත් ගුවන් ගමන් සඳහා කිසිදු බලපෑමක් ඇතිව නොමැති බව කටුනායක වාර්තා පවසයි.

එකදු ගුවන් ගමනක් ප්‍රමාද වීමක් හෝ එකදු ගුවන් ගමනක් අවලංගු කිරීමක්වත් මේ වන විට වාර්තා වී නොමැත.

ගුවන් නියමුවන් සඳහ කරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව නියමිත ක්‍රමවේදයකින් තොරව සිදුකරන බව පවසමින් මෙම ගුවන් නියමුවන් අද අලුයම සිට අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.