FAST NEWS

24×7 Around the Globe

දුම්රියට මීලියන 500ක පොල්ලක්..?

දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍ර තුළ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගමකින් දුම්රිය දෙපාර්තම්න්තුවට අය විය යුතු රුපියල් මිලියන 500ක මුදලක් මෙතෙක් අය කරගෙන නොමැති බවට දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරයි.

වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් අදාළ සමාගමෙන් අයකරගෙන ඇත්තේ රුපියල් මිලියන 24ක් පමණක් බව එම සමීති පෙන්වා දෙයි.

2011 වසරේ දෙසැම්බර් මස පළමුවනදා සිට දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රතුළ වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය සඳහා පෞද්ගලික සමාගමක් සමග ගිවිසුම් අත්සන් කර තිබුණි.

කෙසේවෙතත් අදාළ බදු මුදල් නොගෙවීම හේතුවෙන් එම ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කළද හිඟ බදු මුදල් අයකරගැනීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන නොමැති බව එම සමීති වැඩි දුරටත් පෙන්වා දෙයි.