FAST NEWS

24×7 Around the Globe

ව්ලැඩිමීර් පුටින්, බැරැක් ඔබාමා ට වඩා හොඳ බව ට්‍රම්ප් කියයි..

රුසියානු ජනපති – ව්ලැඩිමීර් පුටින්, බැරැක් ඔබාමා ට වඩා හොඳ නායකයෙකු බව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා කෙරෙන ප්‍රචාරක වැඩසටහන් අතරතුර විශ්‍රාමික හමුදා සාමාජිකයන් සමග පැවති ප්‍රශ්නෝත්තර වටයක දී ඔහු මෙලෙස පවසා තිබේ.

නොවැම්බරයේදී තමා ජනපතිවරයා ලෙස තේරී පත්වුවහොත්, පුටින් හා සුහදව කටයුතු කිරීමට හැකිවෙතැයි තමාට සිතෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වන හිලරි ක්‍ලින්ටන් පවසා ඇත්තේ තමා විසින් 2002 සෙනට් ඡන්දයේදී ඉරාක යුද්ධයට පක්ෂපාතීව සිය ඡන්දය භාවිතා කිරීම වරදක් බවට තමාට සිතෙන බවයි.

එහෙත්, එවැන්නක් යළි සිදුනොවන බවට සහතිකයක් ලබාදීමට සුදුසුම ස්ථානයේ තමා සිටින බව ක්ලින්ටන් වැඩිදුරටත් පවසා තිබේ.