FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ පාස්පොට් නඩුව ලබන අවුරුද්දට කල් තැබේ..

කල් ඉකුත් වූ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (08) විභාගයට ගැනිණ.

එහිදී සිද්ධියට අදාළ පරිගණක සාක්ෂි ලබාගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව සිදුකළ කරුණුදැක්වීමක් සැලකිල්ලට ගත් අධිකරණය නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස දෙවෙනි දින දක්වා කල් තැබීය.