FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධනය 2017 අයවැයට අමුණා ගෙනෙයි…

වැට්‌ බදු ඉහළ දැමීමේ පනත් කෙටුම්පත 2017 අයවැය යෝජනා සමඟ නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

වැට්‌ බදු සංශෝධන පනත් කෙටුම්පත මඟින් සියයට 11 ක වැට්‌ බද්ද සියයට 15 දක්‌වා ඉහළ දැමීමට යෝජනා කර තිබිණි.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයට අනුව මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස්‌කර ගැනීමට රජය කටයුතු කළේය.

කැබිනට්‌ මණ්‌ඩල අනුමැතියකින් තොරව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිසා යළි එය කැබිනට්‌ මණ්‌ඩල සහතිකය සමඟින් ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබිණි.

ඒ අනුව නව වැට්‌ බදු පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට රජය ප්‍රකාශ කළේය.

එහෙත් වැට්‌ බදු නැංවීම වෙනම පනත් කෙටුම්පතක්‌ ලෙස ඉදිරිපත් නොකර අයවැය යෝජනා සමඟ ගෙනඒමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අයවැය විවාදයේදී මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට වැට්‌ සංශෝධනද විවාදයට ගෙන සම්මත කර ගැනීමට තීරණය කර තිබේ.