FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකානු ආර්ථිකය ව්‍යාජ ආර්ථිකයක්….

ඇමෙරිකානු ආර්ථිකය ව්‍යාජ ආර්ථිකයක් බවත්, ආර්ථික අර්බුදයෙන් බේරීම සඳහා එරට මහ බැංකු පද්ධතිය හිතාමතා පොලී අනුපාත පහළ තබාගෙන සිටින බවත් රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

“අපිට තියෙන්නෙ බොහොම ව්‍යාජ ආර්ථිකයක්. ඔවුන් හිතාමතාම පොලී අනුපාත පහළ තබාගෙන සිටිනවා. එසේ වූවා කියා සියල්ලට විසඳුම් ලැබෙන්නේ නැහැ” යැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ට්‍රම්ප් පිළිතුරු සපයා ඇත.

මේ තත්ත්වය තුළ ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළද කෘත්‍රිම එකක් බව ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

“අපි අපේ රටේ සමස්ත යටිතල ව්‍යුහය යළි ගොඩනැගිය යුතුයි. ඒ වගේම වැරදි තීරණ හේතුවෙන් මහා විනාශයකට ලක්වූ අපේ හමුදාවන් යළි ගොඩනැගිය යුතුයි. අපිට කරන්න තියෙන වැඩ බොහොම විශාලයි. අපේ ණය ප්‍රමාණය අඩු කළ යුතුයි.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසයි.