FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් යැයි කියු ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවට පත් වේ…

රුපියල් කෝටියක මුදලක් සමග පසුගියදා (04දා) අතුරුදන් වු බව කියූ බණ්ඩාරගම ව්‍යාපාරිකයා බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මොහොමඩ් නස්රින් නැමැති මෙම ව්‍යාපාරිකයා බසයකින් ගමන්කරන විට  අත්අඩංගුවට ගත් බවද පොලිසීය පවසයි.

ත්‍රිකුණාමලයේ පැවැති රන් බඩු වෙන්දේසියකට රුපියල් කෝටියක් සමග ගිය පසු ඔහු අතුරුදන්වූ බව සැකකාර ව්‍යාපාරිකයාගේ පියා පොලීසියට පැමිණිලිකර තිබුණි.

සැකකරු අධික ලෙස ණය ගෙන ඇති බවත් ඒ ණයින් බේරීමට සිතාමතාම සැගවීමට උත්සාහ කළේදැයි යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වෙයි.