FAST NEWS

24×7 Around the Globe

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ ගාස්තු ඉහළට..

පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ ගාස්තු සියයට 05 -10 අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ පවස්න්නේ ආදායම් බලපත්‍ර ගාස්තු, තෙල්, රක්‍ෂණ ගාස්තු, දුම් විමෝචන ගාස්තු, ටයර්, බැටරි ආදියේ සහ අමතර කොටස්වල මිල මෙන්ම ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට යොදාගන්නා වාහන නඩත්තු කිරීම හා සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ය.

සිය සේවාව සඳහා රජයෙන් කිසිදු සහනයක් නොලැබෙන බැවින් අකමැත්තෙන් වුවද කර්මාන්තය රැකගැනීමට මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය පවසයි.