FAST NEWS

24×7 Around the Globe

අගමැති මැලේසියා මහ කොමසාරිස්ට එල්ලවු ප්‍රහාරය හෙළා දකියි…

මැලේසියාවේ, ශ‍්‍රී ලංකා මහකොමසාරිස් අයි.අන්සාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්පූර්ණයෙන්ම හෙළාදකින බව  අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(06) පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින් අවධාරණය කළේය.

එල්.ටී.ටී.ඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේදී මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පසුගිය දා ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

රාජකාරී කටයුක්තක් සඳහා ගුවන් තොටුපොළට ගොස් යළි පැමිණෙමින් සිටියදී මහ කොමසාරිස්වරයා මෙම ප්‍රහාරයට ලක්වූ බව වාර්තා විය.