FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ තිබු ලොකුම දුර්වලකම හා ඉන් වාසි වු අකාරය වොනර් හෙළි කරයි..

ප්‍රධාන විනිසුරු ලබාදෙන තීරණය තෙවැනි විනිසුරුගෙන් විමසනවාද නැද්ද යන්න තීරණය කිරීම පිළිබඳ වූ පූර්ණ වගකීම ඇත්තේ ක්‍රීඩකයන් සතුව බව පවසන ඔස්‌ට්‍රේලියානු නායක ඩේවිඩ් වෝනර්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එසේ නොකිරීමේ වාසනාව තමන් සතු වූ බව පවසයි.

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක පරාජයක්‌ කැඳවමින් පෙරේදා (4 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පන්දු 126 කදී ලකුණු 16 ක්‌ ලබා ගනිමින් සිය කණ්‌ඩායම ජයග්‍රහණය කරා රැගෙන ඒමට වෝනර් සමත්වූ නමුත්, හෙතෙම ලකුණු 22 ක්‌ ලබා සිටියදී ලබා දුන් උඩපන්දුවක්‌ ප්‍රධාන විනිසුරු වූ අලීම් ඩාර් විනිසුරු විසින් නිෂ්ප්‍රභා කරන ලදී.

වෝනර් එල්ල කරන ලද ස්‌වීප් පහර ලෙග් ස්‌ලිප් ස්‌ථානයේ පන්දු රැකි ධනංජය ද සිල්වා විසින් රැකරනු ලැබුවද ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක්‌ කරමින් තෙවැනි විනිසුරුගේ සහාය පැතීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පියවර නොගැනීමේ වාසියෙන් සිය 7 වැනි ශතකය දක්‌වා තම ඉනිම දිගු කර ගැනීමට වෝනර් වාසනාවන්ත විය.

එසේ වොනර් එම සිද්ධිය පිළිබඳව මාධ්‍ය හමුවේ මෙසසේ සඳහන් කර සිටියේය.

“ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් කරන ලද ඉල්ලීමේ එතරම් විශ්වාසයක්‌ තිබුණේ නැහැ. පන්දු යවන්නා ඇවිල්ලා මට කිව්වා පිත්තේ වැදුණත් ඔයා හරි වාසනාවන්තයි කියලා. මටත් 100% ක්‌ විශ්වාස නැති වුණත් මමත් කිව්වා මටත් තේරුණා කියලා. කඩුලු රකින්නාත් හිතලා තියෙන්නේ ඒක මගෙ පිත්තේ වැදුණේ නැහැ කියලා. මම හිතන්නේ ඒක මගේ පිත්තේ දාරයේ වැදුණා. තෙවැනි විනිසුරු විමසනවාද නැද්ද යන්න වගකීම තියෙන්නේ ක්‍රීඩකයන් සතුවයි. නමුත් ඒක තමයි වාසනාව කියන්නේ.”

කෙසේ වෙතත් මෙම තරගයේදී ශතකයක්‌ ලබා ගැනීමට හැකිවීම තමා සැනසිල්ලට පත් කරන්නක්‌ වූ බව වෝනර් සඳහන් කර සිටියේය. වෝනර් විසින් වාර්තා කරන ලද ශතකය ඔස්‌ට්‍රේලියානු පිතිකරුවකු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාව තුළදී රැස්‌ කරන ලද පළමු එක්‌දින ශතකය වශයෙන්ද සටහන් විය.