FAST NEWS

24×7 Around the Globe

සංවත්සරයට නොපැමීණි මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දුමින්ද කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වැනි සංවත්සරයට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ට එරෙහිව  පක්ෂය මගින් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පක්ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමීන් පැවසීය.

පක්ෂය මගින් ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ගයක් නොගත්තත් ජනතාව විසින් ඔවුන් සම්බන්යෙන් ඉදිරියේදී තීන්දු ලබාදෙනු ඇතැයි ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

කුමන් මතවාද දැරුවත් පක්ෂයේ උපන් දිනය සැමරෙන සම්මේලනයට සහභාගී වීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබූ බව කී දුමින්ද දිසානායක මහතා එසේ නොපැමිණි අය සම්බන්ධයෙන් තීන්දු දීමට සිටින සුදුසුම පිරිස වන්නේ පක්ෂය සමඟ සිටින ජනතාව බව ද කීවේය.

එසේ වුවද මීට ඉහත දුමීන්ද දිසානායක මහතා  අවධාරණය කර සිටියේ සංවත්සරයට නොපැමීණේන මන්ත්‍රීන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි..