FAST NEWS

24×7 Around the Globe

හීලරි ක්ලින්ටන්ගෙන් රුසියාවට බරපතල චෝදනා…

රුසියා රජය ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ තරගයට අත පොවන බවට තොරතුරු ඇතැයි ඇමරිකාවේ  ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසයි.

වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව ක්ලින්ටන් කියා ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුවේ පරිගණකවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම පිටුපස රුසියා බුද්ධි අංශ සේවා සිටින බවයි.

හැකරුන් එම කමිටුවේ මෙහෙයුම් පද්ධතිවලට ඇතුළුවී ඇතැයි කියති. එය විකිලීක්ස් වෙබ් අඩවියේ පිරිස් ඊට ඇතුළුවී කමිටුවේ ලේඛන 20,000ක් ප්‍රසිද්ධ කිරීම හා සමාන බවද ඇය කියා ඇත.

මෙම සයිබර් ප්‍රහාරය වෝටර් ගේට් අර්බුදයේ විද්‍යුත් සංස්කරණයක් හා සමාන බවද ක්ලින්ටන් කියා ඇත.

‘අපේ පරිගණකවලට එල්ලවූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපට කිසිවිටක විදෙස් උපදේශාත්මක බලයක් අවශ්‍ය නෑ‘ යැයි ද ඇය කියන්නීය.