FAST NEWS

24×7 Around the Globe

වාසු මැතිවරණයට මහින්ද පෙරටුකරගත් සන්ධානයකින්.

 

එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් සන්ධානයකින් තරඟ වැදීමට තම කණ්ඩායම සූදානම් යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඉදිරියේ දී කුමකින් කුමක් වුවත් මහ මැතිවරණයේ දී තම බලවේගය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව තරඟ කරන බව ද ඔහු කීවේය.

ඔහු මේ බව කීවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති රැස්වීමක දී ය.

හිටපු ඇමැති විමල් වීරවංශ, මහාචාර්ය ජී ඇල් පීරිස් ඇතුළු පිරිසක් ද මාධ්‍ය හමුවට සහභාගී වූහ.