ආණ්ඩුව බොරතෙල් මගින් නිෂ්පාදනය කරන ඉන්ධන ලීටරයකට රුපියල් 10 ක බද්දක් ගැනීම මගින් ඛනිජ තෙල් සංස්ථාව කඩා වැටීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
දේශීය නිෂ්පාදන නගා සිටුවීමට අත හිත ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද, බොරතෙල්වලින් නිෂ්පාදනය කරන ඉන්ධන ලීටරයකට රුපියල් 10 ක බද්දක් යොදා ඇතැයි එම සංගමය සදහන් කළේය.
මේ මාසයේ සිට මෙම බද්ද අය කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් මීට පෙර බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලැබෙන ඉන්ධනවලට යොදා තිබුණේ රුපියල් 03 ක මුදලක් බවත් එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පැවසී ය.
ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යාම හා බදු සහන ලැබීම නිසා තෙල් සංස්ථාව පසුගිය වසරේ රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් ලාභ ලැබූ බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මෙම බද්ද නිසා සමස්ත තෙල් සංස්ථාවම කඩා වැටීම නතර කරගැනීමට නොහැකි වන බවත්, ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේද එයම බවත් කැඳවුම්කරු සඳහන් කළේය.
ආණ්ඩුව දැනටමත් ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට හා හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයට පැවරීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාව නවතා දමා තෙල් සංස්ථාව ශක්තිමත් කරන ලෙස ඉල්ලා තෙල් සංස්ථා සේවකයන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බවත් අද (06) දිනයේදී මෙම විරෝධතාව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සිදුකරන බවත් කැඳවුම්කරු පැවසී ය.
එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද ඔහු පැවසී ය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.