FAST NEWS

24×7 Around the Globe

තාජුඩින්ගේ ඝාතන සිද්ධියට ආදාළ සීසීටිවී තැටි පිළිබඳ කැනඩා වාර්තාව මෙන්න..

රහස් පොලිසියේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වසිම් තාජුඩින්ගේ ඝාතන සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සී.ඩී. තැටි 10ක් අධිකරණ නියෝග පරිදි කැනඩාව වෙත ඉකුත්දා රැගෙන යනු ලැබීය.

එම සී.ඩී. තැටි තොගය කැනඩාවේ, වෑන්කුවර්හි පිහිටි බ්‍රිටිෂ් කොළොම්බියා තාක්‍ෂණික ආයතනය වෙත ලබාදී වාර්තාවක්ද ලබාගෙන තිබිණි.

කෙසේ වෙතත් එම සී.ඩී. තැටි පිළිබඳ නිගමන 05ක් සහිතව කැනඩාවේ අදාළ ආයතනයේ පාඨමාලා ප්‍රධානි ඩේවිඩ් මැකී මහතා විසින් තාක්‍ෂණික වාර්තාව නිකුත් කර තිබිණි.

සී.සී.ටී.වී. කැමරා මඟින් (මුල් පිටපතින්) ලබාගත් දර්ශන සී.ඩී. තැටිවලට පටිගත කිරීමේදී යම් කිසි තෙරපුමක් ඇති වීමෙන් සමහර දේවල් මැකී හෝ දත්ත (තොරතුරු) ඉවත් වීමක් සිදුවී තිබෙන බවත්, වාහනයේ හෙඩ් ලයිට්වල තිබෙන දීප්තිය හේතුවෙන් අංක තහඩුව නොපෙනෙන බවත් දන්වා සිටින ඩේවිඩ් මැකී මහතා, සී.සී.ටී.වී. දර්ශන වැඩිදියුණු කර බැලුවත් එම වාහනයේ සිටින පුද්ගලයන් කවුරුන්ද යන්න වග හඳුනා ගැනීමට නොහැකි බවත් දන්වා තිබේ.

අදාළ වාර්තාව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත රහස් පොලිසිය ඉදිරිපත් කර තිබේ.