FAST NEWS

24×7 Around the Globe

අන්තර් ජාතික සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් මේ මස 07 දින…

අන්තර් ජාතික සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් මේ මස 07 දින පෙ.ව. 9.00 -10.00 දක්වා ගාල්ල බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බ්‍රාහ්මණවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ දී පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පැවසීය.

 එහි ආදර්ශ ආරක්ෂණ මධ්‍යස්ථාන ලෙස බලපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය ශ්‍රී දර්ශණාරාමය විහාරය නම් කර ඇත.

 ඉන්දීය සාගරයෙහි සුනාමි අවදානමක් ඇති රටවල් 29 එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.