FAST NEWS

24×7 Around the Globe

පොඩි මැණිකේ පිළි පැනීමෙන් උඩරට දුම්රිය ගමනට බාධා…

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතරදී අද (05) පස්වරු 1.40 ට පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන  දුම්රිය හැටන් දුම්රිය ස්ථාන පමණක් ධාවනය වන බවද එම මැදිරිය පවසයි.

එසේම පීලි පැන ඇති දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව දුමිරිය පාලක මැදිරිය සඳහන් කර සිටියේය.