FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ බන්ධනාගාරාධිකාරීවරයාට කොළඹ මහාධිකරණයෙන් නොතීසි…

වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ මහාධිකරණය මගින් නොතීසි  අද(05) නිකුත් කර තිබේ.

පාසල් ශිෂ්‍යයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන්  එම නියෝගය නිකුත් කර තිබේ.

සිද්ධියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසයට ද දැනුම් දී තිබේ.

අදාළ නඩුව සැප්තැම්බර් මස 19 වන දින යළි කැඳවීමට නියමිතය.