ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් අනාගතයේ හැදීම සඳහා පක්ෂයේ අපි සියලු දෙනා සහෝදරත්වයෙන් ඉදිරියට යමු යෑයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පැවසීය.
ශ්රීලනිප ආණ්ඩුක් පිහිටුවීමේ පළමු වෙඩි මුරය කුරුණෑගලින් තැබූ බව ද ඊයේ (04 දා) කුරුණෑගල මාලිගාපිටියේ පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
නැවත ශ්රීලනිප ආණ්ඩුවක් හැදීමේ අරමුණින් තමා පක්ෂය භාරගත් බව ද පක්ෂය ශක්තිමත් කරමින් ශ්රීලනිප ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බව ද ජනපතිවරයා එහිදී කියා සිටියේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ලබන වසරේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී සියලුම පළාත් පාලන ආයතන සඳහා අත ලකුණින් තරග කරන බවද ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.
අතිවිශාල ජනකායක් සහභාගි වී සිටි පක්ෂ සංවත්සරයේදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.
අලුතින් පක්ෂ හදන්න කතා කරන අයගෙන් මම ඉල්ලා සිටින්නේ ඒ ගැන කතා නොකර ශ්රීලනිප ශක්තිමත් කරන්න කටයුතු කරන ලෙසයි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අපට සියලු පළාත් පාලන ආයතන ජයග්රහණය කළ හැකියි.
මෙම අවස්ථාවට පක්ෂයේ අනුශාසක හා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියද වත්මන් රජය නියෝජනය කරන ශ්රීලනිපයේ මැති ඇමැතිවරුන්ද සහභාගි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ඇමැති කබීර් හෂීම්, ලංකා කම්කරු කොංග්රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් හා ඩග්ලස් දේවානන්ද යන පාර්ලිමේන්තු මන්ත්රීවරුද සහභාගී වූහ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.