FAST NEWS

24×7 Around the Globe

උතුරේ රාජ්‍ය ආයතන 42 ක්‌ විකුණයි…

උතුරු පළාතේ පාඩු ලබන සහ වසා දමා ඇති රාජ්‍ය ආයතන හතළිස්‌ දෙකක්‌, වහාම පුද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග ඔස්‌සේ  වාර්තා වේ.

ඒ පිළිබඳව වූ යෝජනාවක්‌ උතුරු පළාතේ ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

එම පළාත තුළ සිටින ආයෝජකයන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව උතුරු පළාතේ ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම පැවසුවේ වසා දමා ඇති රාජ්‍ය ආයතන 42 ක්‌ නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කරමින් ඇති බවත්, පසුගියදා පැවැති ආයෝජන සමුළුවේදී ආයෝජකයන්ට ඒ සම්බන්ධයෙන් ආරාධනා කළ බවත් ය.

ආයෝජකයන් ගෙන එනු ලබන යෝජනා අනුව ආයෝජන අවස්‌ථාවන් ලබා දෙන බවත් කී රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරේ පවතින රැකියා ප්‍රශ්නය විසඳීමට මෙය කදිම අවස්‌ථාවක්‌ බවත් කියා සිටියේය.