ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි පක්ෂ සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මාළිගාපිටියේදී අද (04) ප.ව. 2.00ට අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙවර පැවැත්වෙන 65 වැනි සංවත්සරයේදී පක්ෂයේ අභිවෘද්ධිය, ප්‍රතිසංවිධානය වෙනුවෙන් ගත යුතු ඉතා වැදගත් තීරණ රැසක් ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. නව ආසන සංවිධායක තනතුරු පත්කිරීම පිළිබඳව හා දෙවැනි පෙළක් තැනීම සඳහා වැඩපිළිවෙළක් ගැන මෙහිදී අවධානය යොමුවී ඇති බව කී ඒ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන්ට මේ සමුළුව සඳහා ආරාධනා කර ඇති බව ද ප්‍රකාශ කළේය.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය පිළිබඳ අප කළ විමසීමකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව ඔවුන් සියලු දෙනාටම පක්ෂ සංවත්සරයට සහභාගි වන ලෙස ඇරියුම් කළ බවත් මහින්ද රාජපක්ෂ මහතා තමන්ට එම ආරාධනාව ලැබුණු බව දන්වා සිටිබවත් ප්‍රකාශ කළේය. එහෙත් එතුමා මේ වන විට විදේශගත වී සිටින නිසා සහබභාගිවීම නොවීම පිළිබඳ තීරණය ගැන තමා නොදන්නා බවත් දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.කවුරුන් සංවත්සරයට නොපැමිණිය ද වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලබන, සුවිශේෂ සංවත්සරයක් වන 65 වැනි සංවත්සරයට සුවිශාල ජනසහභාගීත්වයක් තිබෙන බව ස්ථිරව ප්‍රකාශ කළ හැකි බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සන්ධානයට අයත් නොවන පක්ෂ රැසකට ද සංවත්සරයට සහභාගීවන ලෙස ආරාධනා කර ඇති බව යි