FAST NEWS

24×7 Around the Globe

හිලරීගේ ජන්ද සටනට අමෙරිකානු ඩොලර් මිලියන 143ක ආධාර..

අමෙරිකානු ජනාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වදින හිලරි ක්ලින්ටන් මහත්මියගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 143ක ආධාර අගෝස්තු මාසය තුළ එකතු වී තිබෙන බව ඇගේ ඡන්ද ව්‍යාපාරයේ මෙහෙයුම්කරු සඳහන් කරයි.

ඩිම‍ොක්‍ර‍ටික් පක්ෂය වෙත එකතු වූ මුදල් ආධාර ඩොලර් 143න් 62ක් සැප්තැම්බර් මාසයේ ඇගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් වෙන්කෙරෙන බවද ඡන්ද ව්‍යාපාර මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.හිලරිගේ ඡන්ද ව්‍යාපාර කළමනාකරු රූබි ‍මුක්ට අනුව ‍දසලක්ෂ2.3ක් දෙනා මෙම ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ආධාර පිරිනමා ඇත.

නිව්යෝර්ක ටයිම්ස් වාර්තා අනුව 2012 අගෝස්තුවේ බැරැක් ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් එකතු වූ අරමුදල ඩොලර් මිලියන 97ක් වූ අතර ඉන් ඩොලර් 87ක් ඔහුගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් වියදම් කෙරුණි.

අගෝස්තු මාස‍යේදි හිලරි අරමුදල් රැස්කිරීමේ අවස්ථා 37කට ප්‍රාන්ත 11කදි එක්වූ අතර හොලිවුඩ් තාරකාවන් හා තොරතුරු තාක්ෂණ ව්‍යාපාරිකයන් වැඩි දෙනා ඇගේ ඡන්ද ව්‍යාපාරයට විශාල වශයෙන් දායක වී තිබේ.