FAST NEWS

24×7 Around the Globe

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට මෙගාවොට් 60 ක විදුලි ට්‍රාන්ස්ෆෝමරයක්..

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට විදුලිය සැපයීමට අවශ්‍ය මෙගාවොට් 60 ක ධාරිතාවයෙන් යුත් ටොන් 81 ක් බර අඩි 12 ක් උස විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් තායිලන්තයේ සිට ඇල්ල කරඳගොල්ල උමා ඔය ව්‍යාපෘතියේ භූගත විදුලි බලාගාරයට ඊයේ (2) ප්‍රථමවරට ගෙන ආ බව උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පැවසීය.

 තායිලන්තයේ සිට හම්බන්තොට මාගම්පුර වරායට ගෙන ආ විදුලිය ට්‍රාන්ස්ෆෝමරය වරායේ සිට විශාල ලොරියකින් මෙසේ දැඩි ලෙස පොලිස් ආරක්ෂාව මැද ගෙන ආහ.

විදුලිබල මණ්ඩලයේ සේවක පිරිස විදුලිය විසන්ධි කරමින් මාර්ගය හරහා තිබූ විදුලිය කම්බි ද, ටෙලිකොම් සේවකයින් ආරක්ෂිත රැහැන් ද ඉවත් කරමින් විදුලිය ට්‍රාන්ස්ෆෝමරය ගෙන යාමට ඉඩකඩ සලසා දුන්හ.

උමාඔය ව්‍යාපෘතියේ විදුලිය සැපයීමට මෙගාවොට් 120 ක ධාරිතාවයෙන් යුත් විදුලිය ට්‍රාන්ස්ෆෝමරයක් අවශ්‍ය බවත්, ඒ අනුව ප්‍රථම විදුලිය ට්‍රාන්ස්ෆෝමරය මෙසේ ගෙන ආ බවත් අනෙක් විදුලිය ට්‍රාන්ස්ෆෝමරය ඉදිරි දින කීපය තුළ ගෙන එන බව ද උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා සඳහන් කෙළේය.